2024 – 02 – 23

හිරු නැගීම – 06:25
හිරු මුදුන් වීම – 12:23
හිරු බැසීම – 18:21

අද පසළොස්වක පෝය දවසක්. අද නිවාඩු දවසක් නිසා අද නම් ගොඩක් අය ගෙදර ඇති කියලා හිතනවා. අදින් long weekend එකකුත් පටන් ගන්න නිසා කට්ටිය weekend එක එහෙම plan කරන ගමන් ඇති.

ඔයාල දන්නවා නේ හඳේ ශුක්ල පක්ෂය හෙවත් පුර පක්ෂය සහ කෘෂ්ණ පක්ෂය හෙවත් අව පක්ෂය විදිහට දෙකක් තියෙනවා. සරලවා කියනවා නම් පුර පක්ෂයේ දී වෙන්නේ හඳේ එලිය දවසින් දවස වැඩි වෙන එක. පුර පක්ෂය පටන් ගන්නේ අමාවක දවසකින්. ඉතින් අමාවක ඉඳන් දවස් 14ක් වුනාට පස්සේ තමයි සලොස්වක තියෙන්නේ.

සලොස්වක කියන්නේ හඳ 100%ක් එලිය දෙන දවස. දැන් ඔයා හිතනවා ඇති පසලොස්වක තියෙන්නේ කොහෙද කියලා. 16 ට කලින් නේ 15 එන්නේ. එතකොට පසළොස්වක කියන්නේ සලොස්වකට කලින් දවස. එදා තමයි අපි පොහෝ දිනයක් විදහට සම්මත කර ගෙන තියෙන්නේ.

එකනේ කියන්නේ පෝයට පස්සේ දවසේ තමයි හඳ ලොකුවට තියෙන්නේ කියලා..

සලොස්වකින් පස්සේ ආයෙමත් හඳේ එලිය අඩු වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අව පක්ෂය ආයෙමත් ආරම්භ වෙන්න ගන්නවා.

සදේ විවිධ කලාවන් ඉස්සර මිනිස්සු විවිධ දේවල් වලට උදව් කර ගත්තා. ඉස්සර මිනිස්සු උඩ බිම බලලා වැඩ කරපු ජාතියක් නේ. උඩ බැලුවම තියෙන්නේ අහස, සහ ඉර හඳ තාරකා. පොලොව දිහා බැලුවම පසේ ස්වාභාවය එහෙම. ඒ දේවල් ඔක්කොම බලල තමයි ඉස්සර මිනිස්සු වැඩ කරන්න පටන් ගත්තේ.

අද දවසේ හඳ නගින්නේ හවස 17:37 ට. පහුවදා උදේ 05:34ට තමයි හඳ බැහැලා යන්නේ.

අද දවසේ තියෙන විශේෂත්වය ගත්තොත් අද තමයි International Stand Up to Bullying Day එක. Bullying කියලා කියන්නේ කුමන හෝ ආකාරයකින් තවකෙනෙක්ව අපහසුතාවයට පත් වෙන ආකාරයේ දේවල් සිදු කිරීම. දැන් නම් විශේෂයෙන් අන්තර්ජාලය හරහා සිදු වන cyber Bullying ක්‍රියා ඉතාමත් බහුල වෙලා තියෙනවා. ඊට අමතර සමාජයේ හැම කොට්ටසයකම වගේ කෙනෙක් Bully කරනවා කියන දේ සිදු වෙනවා.

ඇත්තටම මේ Bullying කිරීම නිසා ගොඩක් මිනිස්සු මානසික අවපීඩන තත්ත්වයන් වලට පත් වෙලා සියදිවි නසා ගැනීම් පවා කර ගෙන තිබෙනවා. ඒ නිසා ඔයා අවට කෙනෙක්ව Bully කරන්න හදනවා නම් අනිවාර්යයෙන් එකට විරුද්ධව ඔයා කතා කරන්න.

ඒ වගේම ඔයා පුංචි දරුවෝ එක්ක ගැවසෙන කෙනෙක් නම් එයාලට අනිවාර්යයෙන්ම කියලා දෙන්න මේ දේ කරන්න හොඳ නැහැ කියන දේ. පුංචි දරුවෝ දහදෙනෙක් හදන එක වැඩිහිටියෙක් හදන එකටත් වඩා හරිම ලේසි දෙයක්.

අපි හැමෝම එකිනෙකාට වෙනස් මිනිස්සු. අපි එකිනෙකාගේ වෙනස්කම හඳුනා ගනිමින් ඒවාට ගරු කරමින් ජිවත් වෙන්න ඉගෙන ගන්න ඕනි. එතකොට තමයි අපිට හැමෝටම ලස්සනට සතුටින් ජිවත් වෙන්න පුළුවන් සමාජයක් නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ.

පෙබරවාරි 23 වෙනිදා කියන්නේ Pinocchio Day එක. අපේ ළමා කාලේ සුන්දර කළ තව කෙනකේ තමයි මේ Pinocchio. The Adventures of Pinocchio කියන ඉතාලි නවකතාවෙන් 1940 වසරේ දී තමයි ඉස්සෙල්ලම Pinocchio චිත්‍රපටයක් නිර්මාණය කරලා තියන්නේ.

ඉතින් එහෙනම් අද දවසේ බෞද්ධ කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම පන්සල් යන්න උත්සාහ කරන්න. හිතේ සැහැල්ලුවෙන් ආගමානුකුලව අද දවස ගෙවන්න.

තෙරුවන් සරණයි! ජය වේවා!