හිරු නැගීම – 06:25
හිරු මුදුන් වීම – 12:23
හිරු බැසීම – 18:21
හෙටට තියෙන පෝය නිවාඩුවත් එක්ක දිග සති අන්තයක් ලැබෙන නිසා අද තමයි මේ සතියේ වැඩ කරන අවසාන දවස වෙන්නේ. අද නම් ඉතින් ඔන්න හරිම සැහැල්ලුවෙන් වැඩට යන්න පුළුවන් ගොඩක් අයට.
අද දවසේ තියෙන විශේෂත්යව ගත්තොත් අද World Thinking Day එක. මේක විශේෂයෙන්ම සමරන්නේ ගැහැණු බාලදක්ෂිකාවෝ. 2024 වසරට අදාලව එයාල තෝරා ගෙන තියෙන තේමාව තමයි “Take Action for a Better World” යන්න.
ඔයාල අහලා ඇති නරක මිනිස්සුන්ගෙන් ලෝකයට වෙන අයහපතට වඩා වැඩි අයහපත් හොඳ මිනිස්සුන්ගේ නිහැඬියාවෙන් වෙනවා කියලා. නරක මිනිස්සු කරන දේවල් වලට කිසිම ප්රතිචාරයක් නොදක්වමින් ඉන්න එකෙන් ඒ මිනිස්සු තව තවත් වැරදි දේවල් කරනවා වගේම බලා ගෙන පොඩි දරුවෙක් වුණත් ඒ කරන දේ හරි දෙයක් විදිහටයි එතකොට හිතන්නේ.
ඒ නිසා ඔයා අවට මොනවා හරි වැරදි වැඩක් වෙනවා නම් අනිවාර්යයෙන් ම ඒකට විරුද්ධව කතා කරන්න, නැත්නම් එකට විරුද්ධව යම් පියවරක් ගන්න. හැමෝම වැරදි වැඩවලට එරෙහි වෙලා ක්රියාමාර්ග ගන්න පෙළඹෙනවා නම්, සහ ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරනවා නම් ඒ වැරදි වැඩ බොහොමයක් ක්රමයෙන් ඉවත් වෙලා යනවා.
ලස්සන ලෝකයක් වෙනුවෙන් ඔයාට පුලුවෙන් දේ ලස්සනට කරන්න.. අපි හැමෝම එහෙම ලස්සනට වැඩ කලොත් අපිට පුළුවන් ලස්සන ලෝකයක් අපේ පොඩි අයට නිර්මාණය කරලා දෙන්න. වෙනස ඔයාගෙන් පටන් ගන්න.
අද දවසේ උපන්දිනය යෙදිලා තියෙන ප්රසිද්ධ පුද්ගලයෙක් තමයි පලවෙනි ඇමරිකානු ජනාධිපති George Washington. ඔහු 1732 අවුරුද්දේ තමයි ඉපදිලා තියෙන්නේ.
එහෙනම් අද දවස ගොඩක් සැහැල්ලුවෙන් සතුටින් ගත කරන්න.
ඒ වගේම තමයි මේ දවස් වල අව්ව ගොඩක් රස්නේ නිසා ගොඩක් වතුර බොන්න අමතක කරන්නත් එපා. අපේ ශරීරයෙන් ගොඩක් ජලය ඉවත් වෙලා යන නිසා ශරීරය ඇතුලේ සෛල වල ක්රියාවලි යහපත්ව පවත්වා ගෙන යමින් ශරීරිය සිසිල් කිරීම සඳහා මේ දවස් වල ගොඩක් වතුර ඕනි වෙනවා. ඔයා එලියට යනකොට සුදු වගේ ලා පාට සැහැල්ලු ඇඳුමක් ඇද ගෙන යන්න. තද පාට වලට ගොඩක් ඉක්මනට තාපය උරා ගන්න නිසා ඒවා ඇඳගෙන ඉන්න එක හරිම අමාරුයි.
ජය වේවා! තෙරුවන් සරණයි!

