වනිඳු සිය 100වෙනි කඩුල්ල දවා ගනී

වනිඳු හසරංග විස්සයි විස්ස පිටියේ තම 100 වන කඩුල්ල ලබාගැනීමට ඊයේ සමත්ව වුණා

විස්සයි විස්ස තරග 63කට ක්‍රීඩා කරමිනුයි වනිඳු එම දක්ෂතාවය දැක්වීය.

ඊයේ ඇෆ්ගනිස්ථානය හා පැවැත්වුණු තරගයේ 13 වන පන්දුවාරයේ 2 වන පන්දුවට ඇෆ්ගනිස්තාන ක්‍රීඩක නජිබුල්ලා දවාගනිමින් ඔහු එම දක්ෂතාවය දැක්වීය.

මේ සමඟම ඊයේ තරඟය ලකුණු 182ක් රැස් කරමින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.