අද පෙබරවාරි විසිවනදා, අඟහරුවාදා

හිරු නැගීම – 06:25
හිරු මුදුන් වීම – 12:23
හිරු බැසීම – 18:21

අද අඟහරුවාදා දවසක්. කට්ටියම පුරුදු විදියට එයාලගේ රාජකාරි වැඩ වලට පිටත් වෙලා යන ලස්සන දවසක් අද.

අද දවසට යෙදිලා තියෙන වැදගත්ම දවසක් තමයි World Day of Social Justice එහෙමත් නැත්න්ම සමාජ සාධාරණත්වය සම්බන්ධ දිනය.

එදා වගේම අද සමාජයේත් තමන්ගේ කුලය, ආගම, ජාතිය, රැකියාව ආදී වශයෙන් විවිධ නිර්ණායක හේතුවෙන් සමාජයේ විවිධ පුද්ගලයන්ව වෙන් කරලා සලකනවා. ලංකාවේ නම් වැඩිය දකින්න ඇති වුණත් වෙනත් රටවල නම් සමේ වර්ණය අනුවත් මිනිස්සුන්ව වෙන් කරනවා. ඒ ඒ නිර්ණායක වලින් මනින මිනිසුන්ට සාධාරණය, යුක්තිය ඉටු වෙන්නෙත් ඒ ඒ නිර්ණායක හරහා ගිහින් තමයි.

ඇත්තටම අපි හැමෝම මිනිස්සු වෙලා ඒ මිනිස්සු අතරේ තියෙන වෙනස්කම් මුල් කර ගෙන කෙනෙක්ව උසස් විදිහට සහ තව කෙනෙක්ව පහත් කෙනෙක් විදිහට නම් කරන්න බැහැ.

දැනට සමාජයේ තියෙන මතය අනුව උසස් රැකියා කරන පුද්ගලයන් වගේම පහත් යැයි සැලකෙන පුද්ගලයාත් සමානව සැලකුම් ලැබීම සඳහා අයිතිවාසිකම් කියනවා. මොකද මේ සමාජය පවත්වා ගෙන යන්න හැම විදිහෙම රැකියා අවශ්‍යයි. ඔවුන් හැම කෙනාගෙම කැපවීම සහ මහන්සිය නිසා තමයි මේ ලංකාව සහ ලෝකය ගොඩ නැගිලා තියෙන්නේ. ඒ නිසා සෑම රැකියාවකටම ගරු කිරීම අත්‍යවශ්‍ය වනවා.

ඒ නිසා ඔයත් අද දවසේ ඉහත කිව්ව නිර්ණායක වලින් මිනිස්සු මනින්නේ නැතිව හැමෝටම සමාන ලෙස සලකන්න. හැම කෙනාටම ලස්සන හිනාවකින් සංග්‍රහ කරන්න, ස්තූතියි කියන්න. ඔයාගේ අතරේ එහෙම මුදල් හෝ වෙනත් යමක් අඩුවෙන් තියෙන කෙනෙක් අනෙක් අයගෙන් මුලුගන්විලා වගේ ඉන්නවා නම් එයාට උදව් කරන්න. එයාව අනෙක් අය අතරට ගේන්න උත්සාහ කරන්න.

අනිවාර්යයෙන් ඔයා එහෙම හැමෝටම කාරුණික වෙනකොට නොදැනුවත්වම ඔයා ඒ සමාජයේ ඉහළ තැනකට ගිහින්. අපි හැමෝටම ඉතුරු වෙන්නේ කළ හොඳ විතරයි.

අදට යෙදිලා තියෙන තවත් දවසක් තමයි National Love Your Pet Day. අද ඔයාගේ ආදරණිය සුරතල් සත්ත්වයා එක්ක පොඩ්ඩක් වෙලාවක් ගත කරන්නත් ඔන්න අමතක කරන්න එපා.. සුරතල් සතෙක් එක්ක ටික වෙලාවක් ඉන්නවා කියන්නේ අපේ stress එක ඔක්කොම අමතක කරලා දාන්න පුළුවන් දෙයක්. ඒකෙන් හිත නිදහස් වෙනවා.

අද විතරක් නෙමෙයි හැමදාමත් ඔයාගේ ගෙදර හදන සුරතල් සතුන්ට ආදරේ කරන්න.. මොකද එයාලට එයාලගේ ජිවිත කාලෙම ඉන්නේ ඔයාල විතරයි. ඒ නිසා එයාලට රිද්දන්න එපා.. එයාලව ආදරෙන් බලා ගන්න..

පෙබරවාරි 20 කියන්නේ Muffin Day එක. සරලව ගත්තොත් නම් Muffin කියන්නේ ඉස්පන්චි වලට… හිකිස්… ඔන්න එහෙනම් අද ඉස්පන්චි දවසක්…

මේ ඉස්පන්චි දවසේ තමයි ජනප්‍රිය ගායිකාවක වන Rihanna ඉපදිලා තියෙන්නේ.

එහෙනම් ඔයාලත් මේ ඉස්පන්චි දවස සතුටින් ගත කරන්න..

ජය වේවා! තෙරුවන් සරණයි!