වතු කම්කරුවන් සඳහා නිවාස 10,000ක්

වතුකරයේ කම්කරුවන් සඳහා නිවාස 10,000ක් ඉදිකිරීම සඳහා ඉන්දීය රජයේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ ඉදිකෙරෙන නිවාස ව්‍යාපෘතියක් විවෘත කිරීමේ උත්සවයක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (19) පැවැත්වුණා.

එහිදී සිව්වන අදියර යටතේ දිස්ත්‍රික්ක දහයක වතු 45ක් පුරා නිවාස 1300ක් ඉදිකිරීමට නියමිතයි.

මෙම අවස්ථාව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මාර්ගගත ක්‍රමය ඔස්සේ සහභාගි වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.