Dangal චිත්‍රපටයේ රඟපෑ පුංචි නිළිය ජීවිතක්ෂයට

2016 වසරේ දී අමීර් ඛාන් විසින් නිෂ්පාදනය කරන ලද Dangal චිත්‍රපටයේ Babita Phogat ගේ චරිතයට පණ පෙවූ නිළි Suhani Bhatnagar ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මිය යන විට ඇය 19 හැවිරිදි වියේ පසු වූ බවයි සඳහන් වෙන්නේ.

ඇයගේ කකුලේ ආබාධයක් සඳහා ලබා ගත් යම් ඖෂධ වර්ගයක් හේතුවෙන් සිරුරේ තරල ඒකරාශී වීම ඇයගේ මරණයට හේතුව ලෙසයි විදෙස් මාධ්‍ය දක්වා ඇත්තේ.

ඇයගේ මරණය සම්බන්ධයෙන් අමීර් ඛාන් ඇතුළු කණ්ඩායම ශෝක පණිවිඩයක් ද නිකුත් කර තිබෙනවා.