අද පෙබරවාරි දහඅටවනදා , ඉරිදා

හිරු නැගීම – 06:25
හිරු මුදුන් වීම – 12:23
හිරු බැසීම – 18:21

අද ඉරිදා දවසක්. අද ඉතින් ගොඩක් අය ගෙදර ඉන්න දවසක් නිසා ගෙදර සෑහෙන්න වැඩ තියෙනව අද දවසේ කර ගන්න. එහෙම නේද…

හෙට සඳුදා දවසක් නිසා ඒ අලුත් සතියේ ආයෙමත් දුවන්න අවශ්‍ය බලය ජවය ඔක්කොම සපයලා දෙන්නේ අද ඉරිදා දවස. ඒ නිසා අද දවස හොඳට ගත කරන එක ඉතාම වැදගත්.

ගොඩක් වෙලාවට සතියේ දවස් වල අපිට අපි වෙනුවෙන් වෙන් කරන්න තියෙන කාලය අඩුයි නේ. ඔන්න ඉරිදාට නම් ටිකක් වැඩ කටයුතු එහෙට මෙහෙට කරලා ඔයාට පුළුවන් ඔයා වෙනුවෙන් පොඩි වෙලාවක් වෙන් කරන්න.

අද දවසේ තියෙන විශේෂත්වය ගත්තොත් අද World Whale Day එක. ඉතින් තල්මසුන් කියන්නේ මේ පෘතුවියේ දැනට ඉන්න බවට තහවුරු වෙලා තියෙන ලොකුම ක්ෂීරපායි සත්ත්ව කොට්ටාශය.

තල්මසුන් අනෙක් මසුන් වගේ මුහුදේ හිටියට, එයාල අනික් මසුන්ට වඩා ගොඩක් වෙනස්. තල්මසුන් සහ ඩොල්පින් කියන දෙගොල්ලොම ක්ෂීරපායි ගොඩට තමයි අයිති වෙන්නේ. ඉතින් මේ දෙගොල්ලොම අනෙක් මසුන්ට වඩා ටිකක් වෙනස්. ඒ වගේම පරිණාමිකව ඉතාම දියුණුයි.

තල්මසුන් සම්බන්ධයෙන් මේ වෙනකම ඔක්කොම කරුණු සොයා ගෙනත් නැහැ. ඉතින් එකෙන්ම තේරෙනවා නේ මෙයාල රහස් ගොඩක් හංගගෙන ඉන්න කට්ටියක් කියලා… සමහර අය නම් කියනවා මේ තල්මසුන්ට ගොඩබිම මිනිස්සුත් එක්කත් සන්නිවේදනය කිරීමේ හැකියාවක් තියෙනවා කියල.

තල්මසුන් කියලා කියන්නේ මේ වන විට තර්ජනයට ලක් වෙලා තියෙන සත්ත්ව කොට්ටාසයක්. සමහර තල්මස් විශේෂ වල දැනට ජිවත් වෙලා ඉන්න ජීවින් ඉන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයක්.

ඔයාල දන්නවද තල්මසුන් අතරින් විශාලම වර්ගය මොකක්ද කියලා… ඒ තමයි Blue whales ල. එයාල ටොන් 200ක් විතර බරින් සහ මීටර 3ක් විතර දිගින් යුතු වෙනවා. ඒ වගේම මේ Blue whales ල මේ ලෝකේ ඉන්න ලොකුම ශබ්දයක් තියෙන ක්ෂීරපායි සතුන් විදිහටත් හඳුනා ගෙන තියෙනවා. jet engine එකකට වඩා වැඩි ශබ්දයකින් ඒ කියන්නේ 188 decibels තරම් වෙන්න මෙයාලාට සද්ද කරන්න පුළුවන් වෙනවා.

සමහර whales විශේෂ තනිවම සහ Orca වැනි විශේෂ කණ්ඩායම් වශයෙනුත් ඉන්නවා.

ඒ වගේම Sperm whales ලට තමයි ලොකුම මොලයක් තියෙන්නේ.

එහෙම තමයි ප්‍රමාණයෙන් විශාල වෙනකොට එයාලගේ ශරීර අවයවත් ඊට සාපේක්ෂව විශාල වෙනවා. හැබැයි ඉතීම් මෙයාලගේ මේ විශාල ශරීර නඩත්තු කරන්න තියෙන ආහාර වල හිඟතාවය, වාසස්ථාන විනාශ වීම , දඩයම් කිරීම ආදිය හේතුවෙන් මේ තල්මසුන් අනතුරට පත් වෙලා තියෙනවා.

මෙයාල අවුරුදු 200ක් තරම් දිගු කාලයක් ජිවත් වෙන නිසා මෙයාලගේ ජිවිත හරිම සංකීර්ණයි. මොකද අද ඉපදුන මිනිස් බබෙක් සහ තල්මස් බබෙක් දෙන්නෙක් ගත්තොත් මිනිස් බබාගේ මි මුණුපුරන්ගේ මුණුපුරන් එනකනුත් අර තල්මස් බබා ඉන්නවා. හිකිස්…

අදට යෙදිලා තියෙන තව දවසක් තමයි wine day කියන්නේ. wine කියන්නේ ගොඩක් අතීතයේ ඉඳන් මිනිස්සු මිදී වගේ පලතුරු යුෂ වලින් සකසා ගත්ත මත්ද්‍රව්‍යක්. ඉතින් ඒ පැරණි wine රස සමරන්න තමයි මෙහෙම දවසක් එයාල නම් කරලා තියෙන්නේ.

ඔයාල දන්නවා නේ වාමන ග්‍රහලෝකයක් විදිහට සලකන්න Pluto. අද පෙබරවාරි 18 වෙනි දා කියන්නේ එයාටත් වෙන් කරපු දවසක්. කලින් නම් ග්‍රහලෝකයක් විදිහට හඳුනා ගත්තත් 2006 වසරේ දී එය විවිධ හේතු නිසා වාමන ග්‍රහලෝකයක් විදිහට නම් කළා.

Pluto අපේ චන්ද්‍රයාටත් වඩා ප්‍රමණයෙන් කුඩා වීම සහ එහි කක්ෂය නෙප්චූන්ගේ කක්ෂය සමඟ එකිනෙක කැපීම ඊට හේතු වෙනවා.

nitrogen ice, methane ice, සහ water ice විදිහට විවධ ice වර්ග වලින් හැදුනු සිතල ග්‍රහලෝකයක් තමයි මේක. මේ Pluto සම්බන්ධයෙන් තවමත් විවිධ පරියේෂණ කටයුතු සිදු කෙරෙමින් යන නිසා අනාගතයේ දී ආයෙමත් pluto ග්‍රහලෝකයක් ලෙස නම් වෙන්නත් බැරි කමක් නැහැ.

මොකද විද්‍යාව කියන්නේ දිනෙන් දෙන අලුත් වේවි වෙනස් ව්වෙන subject එකක් නේ..

එහෙනම් අද දවස සතුටින් ගත කරන්න.. ආදරෙන් ගත කරන්න..

ඔබට සුබ දවසක්.. ජය වේවා! තෙරුවන් සරණයි!