අදත් යුක්තියෙන් සැකකරුවන් 656 දෙනෙකු අත්අඩංගුවට

දිවයින පුරා ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම යටතේ අද (15) අලුයම අවසන් වූ පැය 24 තුළ සැකකරුවන් 656 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

එම පිරිස අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 535ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 121ක් සිටි බවයි සඳහන් වෙන්නේ.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 535 දෙනා අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 16ක් සිටී.

එසේම, රැඳවුම් නියෝග මත රඳවා ගෙන විමර්ශනය සිදුකරන පුද්ගලයින් ගණන එක් අයෙකි. පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කළ පුද්ගලයින් ගණන තිදෙනෙකි.

අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 121 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 06ක්, මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 102ක් සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 13 ක්ද සිටී.

සැකකරුවන් සතුව තිබි හෙරොයින් ග්‍රෑම් 241ක්, අයිස් ග්‍රෑම් 139ක්, සහ ගංජා කිලෝවක් සහ මත්පෙති 1,521ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.