හිරු නැගීම – 06:26
හිරු මුදුන් වීම – 12:23
හිරු බැසීම – 18:20
අද බ්‍රහස්පතින්දා දවසක්, කොහොමෙන් කොහොම හරි මේ සතියේ අන්තිමටම අපි ඇවිත් නේද.. මේ සතිය ටිකක් ඉක්මනට ගියා කියලත් හිතෙනවා..
අපේ තියෙන එකම ජීවන රටාව නිසා දවස් වල වෙනසක් තියෙන්නේ හරිම අඩුවෙන්. උදේට නැගිටිනවා, වැඩට යනවා එහෙමත් නැත්නම් ඉස්කෝලෙ යනවා, ගෙදර එනවා, කරනවා බොනවා නිදා ගන්නවා.. ජිවිතේ හරිම ඒකාකාරී.. ඒක එක අතකට හරිම වෙහෙසකාරී වෙනවා.
අපි කොච්චර මේ loop එකෙන් අයින් වෙන්න ඕනි කියලා හිතුවත් අපිට එක කරන්න බැහැ. මොකද දැන් තියෙන තත්ත්වය හැටියට කොහොමත් ජොබ් එකක් නැතුවම බැහැ නේ.. එක ජොබ් එකත් මදි වෙලා තියෙනකොට…
හැමෝම ඔයා වගේ හිතේ ලොකු බරකින්, පීඩනයකින් ඉන්නේ. එලියට නොපෙනුනත් එයාලා හැමෝම ලොකු සටනක ඉන්නේ.. ඒ නිසා අපිට හම්බ වෙන හැමෝටම පුලුවන් තරම් කාරුණික වෙන්න. අපි හැමෝම මිනිස්සු නේ..!
අද දවසේ තියෙන විශේෂත්වය ගත්තොත් අද ලෝක ළමා පිළිකා දිනය. අද වෙනකොට පිළිකාව කියන්නේ වයස් බේදයක් නැතුවම පැතිරිලා තියෙන රෝගයක්.
2021 වසරේ දී පිළිකා රෝගයට ගොදුරු වුණු වයස අවුරුදු 19 ට අඩු පිරිමි දරුවන් 578ක් සහ ගැහැණු දරුවන් 454ක් වාර්ත් වෙලා තියෙනවා. ඒ වගේම වසරකට ළමයි 250 ත් 300 ත් අතර ප්‍රමාණයක් නේ පිළිකාවට ගොදුරු වෙලා අවාසනාවන්ත විදිහට මිය යනවා.
ළමයි කියන්නේ ඉතින් ජීවිතේ ඉතා ම පොඩි කොටසක් විතරක් ගත කරලා තියෙන අය නේ. වැඩිහිටියන්ට සාපේක්ෂව එයාලා පිළිකාකාරක වලට නිරාවනය වෙලා තියෙනවා අඩුයි.
කොහොම වුනත් මේ දැක්වූ සංඛ්‍යාලේඛන නම් වසරින් වසර වැඩි වීමක් විතරයි පෙන්නුම් කරන්නේ. ඒක හරිම දුක්ඛදායි ස්වාභාවයක්. හැබැයි ළමයින්ගේ තියෙන පිළිකා වුණත්, මුල් කාලයේ හඳුනාගෙන නිසි පරිදි ප්‍රතිකාර කළොත් සුව කරන්න පුළුවන්.
ඒ වගේම අද singles awareness day. ඊයේ ඒ කියන්නේ පෙබරවාරි 14 කියන්නේ පෙම්වතුන්ගේ දවස නේ. ඉතින් අද පෙබරවාරි 15 නම් කරලා තියෙන්නේ තනිකඩ පුද්ගලයන් වෙනුවෙන්. ඉතින් ඔයා ඊයේ valentine සමරපු නැති කෙනෙක් නම් ඔයාට පුළුවන් අද දවස සමරන්න.
අපි මේ ලෝකේ වැඩි වෙලාවක් ගනුදෙනු කරන්නේ අපිත් එක්කම නේ.. සසරක් ඉන්නවා කියපු අය වසරක්වත් ඉන්නේ නැතුව ගියාම අපිව සනසන්න ඉන්නේ අපීම නේ. ඉතින් අද ඔයා ඔයාව සමරන්න. පොඩ්ඩක් ඔයා වෙනුවෙන් වෙලාවක් වෙන් කර ගෙන ඔයා කැමති දෙයක් සතුටින් කරන්න..
අද දවස world hippo day එකත් වෙනවා. hippopotamus කියන්නේ ගොඩබිම ඉන්න දැවැන්තම ක්ෂීරපායී සත්ත්වයෙක්. මෙයාලගේ අඟට තියෙන වෙළඳපොළ වටිනාකම නිසාම මෙයාලව ඉතා විශාල වශයෙන් දඩයම් කරනවා. ඒ වගේම වාසස්ථාන අහිමි වීම සහ ආහාර හිඟ වීම නිසාත් හිපෝ ගහනය සීග්‍රයෙන් අඩු වී ගෙන යනවා.
අද තියෙන තව විශේෂත්වයක් තමයි අද Gumdrop සරලව කියනවා නම් ජුජුබ්ස් වලට වෙන් කරපු දවස. ජුජුබ්ස් කියන්නේ පැණි රසට ආස ගොඩක් අය කන්න කැමති කෑමක් නේ.
ඉතින් එහෙනන් අද දවසත් ආදරයෙන් ගත කරන්න. ඔයාට, ඔයා ආදරේ කරන අයට ආදරෙයි කියන්න, ආදරේ කරන්න.
ජය වේවා! තෙරුවන් සරණයි

