සෞඛ්‍ය වර්ජනය හෙටින් අවසන් වෙයි

ඊයේ උදෑසනින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් විසින් ආරම්භ කළ වර්ජනය හෙට ⁣(15) උදෑසන 6.30 ට අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.

වර්ජනය හේතුවෙන් රෝගීන් විශාල ලෙස අපහසුතාවයට පත් වූ අතර රෝහල්වල කටයුතු අඛණ්ඩව සිදු කර ගෙන යෑම සඳහා ප්‍රධාන රෝහල් බොහොමයකටම පාහේ යුධ හමුදාව අනියුක්ත කරනු ලැබුවා.

වෛද්‍යවරුන් සඳහා අනුමත කළ රුපියල් 35,000 ක ඩැට් දීමනාවට සාපේක්ෂව තමන්ටත් දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලමිනුයි මෙම වර්ජනය ක්‍රියත්ම වන්නේ.