ලන්ඩන් සත්ත්වෝද්‍යානයට අලුත් ගෝරිලි පැටියෙක්

ලන්ඩන් සත්වෝද්‍යානයේ සිටින වඳවීමේ තර්ජනයට ලක්ව ඇති western lowland gorilla මවක වන Effie විසින් ගෝරිලි පැටවෙක් බිහි කර තිබෙනවා.

පෙබරවාරි 08 වන දා ඉපදී ඇති මෙම පැටවාට තවමත් නමක් තබා නොමැති බවයි වාර්තා වෙන්නේ.

මීට සති තුනහමාරකට පමණ පෙර ද මෙම වර්ගයේම තවත් ගෝරිලි පැටවෙක් ලන්ඩන් සත්වෝද්‍යානයේ දී බිහි වී ඇති අතර එය වඳ වී යාමේ දැඩි තර්ජනයට ලක්ව සිටින මෙම උප විශේෂයේ පැවැත්මට විශාල රුකලක් වනවා.

මෙම western lowland gorilla සතුන්ගේ සංඛ්‍යාව පසුගිය වසර 25 තුළ 60% කින් පමණ අඩු වී ඇතැයි සැලකෙනවා.

මෙම පැටවා සිය බවගේ පෙකණි වැලේ එති ඉපදී ඇති අතර ඒ හේතුවෙන් සත්ත්ව උද්‍යානයේ සේවකයන් මෙම සත්ත්වා සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරනු ලැබුවා.

කෙසේවුවත් මේ වන විට එම පැටවා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් යුතු වන අතර පෙකණි වැල ද සම්පූර්ණයෙන් ඉවත් වී ඇති බවයි වාර්තා වෙන්නේ.

අලුත උපන් බිළිඳාගේ ලිංගභේදය තවමත් නිශ්චය කර නොමැති අතර එය පසුව තහවුරු කරන බවයි සත්ත්වෝද්‍යාන නිලධාරින් වැඩිදුරටත් සඳහන් කරන්නේ.