සෞඛ්‍ය වර්ජනය හේතුවෙන් අඬාල වූ රෝහල් කටයුතු බාධාවකින් තොරව සිදුකර ගැනීම සඳහා යුද හමුදා සෙබළුන් 1,100ක් රෝහල් වෙත යොදවා ඇතැයි ශ්‍රී ලංකා යුද හමුදාව පවසනවා.
දැනට බටහිර, මධ්‍යම, නැගෙනහිර සහ වන්නි ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ගේ පුර්ණ අධීක්ෂණය යටතේ කොළඹ සහ මහනුවර ජාතික රෝහල් කලුබෝවිල, කරාපිටිය, මහමෝදර, පේරාදෙණිය, අනුරාධපුර සහ කුරුණෑගල ශික්ෂණ රෝහල් ද අක්ෂි රෝහල කොළඹ, මාතලේ, පොළොන්නරුව, මැදිරිගිරිය, හිගුරක්ගොඩ, මඩකලපුව, දෙහිඅත්තකණ්ඩිය, හම්බන්තොට, දෙබරවැව, රත්නපුර, බලංගොඩ, ඇහැළියගොඩ, නාවලපිටිය, බදුල්ල, ඇල්පිටිය, හෝමාගම සහ කෑගල්ල ඇතුළු රෝහල් 64කට මෙලෙස දෛනික කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා යුද හමුදාව යොදවා තිබේ.
දෛනික කටයුතු කිසිදු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට හැකි සියලු පියවර ගන්නා ලෙසත්, ඉදිරියේ දී ඇතිවන අවශ්‍යතාවයන් මත අනෙකුත් රෝහල්වලට යුද හමුදා සාමාජිකයින් යෙදවීමට සුදානමින් සිටින ලෙසත් යුද හමුදාපතිවරයා සඳහන් කර තිබෙනවා.
රජයේ රෝහල්වල සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඊයේ (13) දිනයේදී දියත් කරන ලද වැඩවර්ජනය අද දෙවන දිනටත් ක්‍රියාත්මක වනවා.

