2024 යල කන්නයේ වගා කටයුතු මාර්තු මස අවසන් සතියේ සිට අප්‍රේල් මස පළමු සතිය දක්වා වූ කාලය තුළ ආරම්භ කිරීමට තීරණය කල බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
එසේම අනෙකුත් බෝග වගාවන් සඳහා අප්‍රේල් තුන්වන සතියේ සිට මහවැලි හා වාරිමාර්ග ජලාශ යටතේ අවශ්‍ය ජලය නිකුත් කිරීමද තීරණය කර තිබෙනවා.
ඔහු පෙන්වා දෙන්නේ වගා කන්න 06ක් තුළ මෙරට වී වගාවේ අස්වැන්න දෙගුණයකින් වැඩි කිරීමේ ජාතික ඉලක්කය සපුරා ගැනීමේ පළමු අදියර 2024 යල කන්නයේදී ආරම්භ කිරීමට නියමිත බවයි.
දැනට තිබෙන ජල ප්‍රමාණයන් අනුව යල කන්නය සියයට සියයකින් සාර්ථක කර ගැනීමට හැකිවන බැවින් හැකිතරම් අරපිරිමැස්මෙන් තිබෙන ජලය පරිහරණය කිරීමටත්, නිසි කලට වගා කටයුතු අවසන් කිරීමට පියවර ගන්නා ලෙස ගොවීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

