විද්‍යුත් මාධ්‍ය පනතත් ඉදිරියේ දී පාර්ලිමේන්තුවට

විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාරී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසනවා.

ඔහු සඳහන් කරන්නේ ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමට ද බලාපොරොත්තු වන අතර එය මේ වන විට කැබිනට් අනුමැතිය සඳහා යොමු කර ඇති බවයි.

ජාතික රූපවාහිනිය සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අභිවෘද්ධිය වෙනුවෙන් වැදගත් තීන්දු කිහිපයකට එළඹ ඇති බවත්, ලබන වසර වන විට එම ආයතන ද ලාබ ලබන ආයතන බවට පත් කළ හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනුයි.

එසේම ලෝකයේ ඕනෑම තැනක සිට ඉතා ඉක්මනින් භාණ්ඩ හුවමාරු කිරීමේ හැකියාව සම්පූර්ණ කර ගැනීමට හැකි වන පෞද්ගලික සහ රාජ්‍ය ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස රුපියල් බිලියන 10ක විශේෂ ව්‍යාපෘති වැඩසටහනක් සඳහා ද කැබිනට් අනුමැතිය හිමි වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.