සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් විසින් අද ආරම්භ කරන ලද වැඩවර්ජනය හෙට (14) දිනයේත් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
වෛද්‍යවරුන්ට ලබාදෙන ඩැට් දීමනාවට සමාන දීමනාවක් තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම වර්ජනයේ නිරත වන බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා සඳහන් කළේ.
මේ අතර හෙද සේවාවේ ඉල්ලීම් කිහිපයකට විසඳුම් නොලැබීම හේතුවෙන් තමන් ද හෙට (14) කොළඹ දී විරෝධතාවක් පවත්වන බව සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් එස්.බී මැදිවත්ත මහතා පවසනවා.

