තවත් ප්‍රතිජීවක ඖෂධයක ප්‍රමිතය සම්බන්ධයෙන් ගැටළුවක්

දැනට රට තුළ භාවිත කෙරෙන Meropenem නැමැති ප්‍රතිජීවකයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ද ගැටලුවක් මතුව ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා අනාවරණය කළා.

ඔහු පවසන්නේ එම ප්‍රතිජීවක අඩංගු කුප්පි තුළ වීදුරු කැබලි හමුවීමේ සිද්ධි වාර්තාවී ඇති බවය.

එම Meropenem නමැති ප්‍රතිජීවකයේ සැපයුම්කරු මින් පෙර ගෙන්වූ ඖෂධ තොගය තත්ත්වයෙන් අසමත්වී ඇති බවයි සඳහන් වෙන්නේ.