මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත හෙවත් ඔන්ලයින් පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව ඊට අදාළ සංශෝධන 47ක් අද (12) දිනයේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලය වෙත මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම සංශෝධන අද දිනයේ දී ම සම්මත වනු ඇති බවයි සඳහන් වෙන්නේ.
ඒ අනුව සංශෝධිත පනත් කෙටුම්පත ගැසට් කිරීමෙන් අනතුරුව පළමු වර කියවීම එළඹෙන පාර්ලිමේන්තු දිනයන්වලදී ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ඔන්ලයින් පනතේ බොහෝ වගන්ති සම්බන්ධයෙන් විපක්ෂය ඇතුළු පාර්ශවවල දැඩි විවේචන එල්ල වීම හේතුවෙන් මෙලෙස සංශෝධනය ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.

