ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ 2යි – ආසාදිතයින් ලක්ෂ 29යි

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව මේ වන වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව දෙලක්ෂ තුන්දහස් එකසිය තිස් අටකි.

විදෙස් වාර්තා අනාවරණ කළේ, මේ වනවිට ලොව පුරා ආසාදිතයින් සංඛ්‍යාව ද විසිනව ලක්ෂ දාහත්දහස් නවසිය අනූ හතර දක්වා ඉහළ ගොස් ඇති බවයි.

සුව වූ සංඛ්‍යාව අට ලක්ෂ තිස්හය දහස් හාරසිය අසූ හයකි.