වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාවට එරෙහිව අද පැවති අවසන් තරගය ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.
පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 253ක් රැස්කර ගැනීමට සමත් වුණා.
එහි දී නායක Hugh Weibgen ලකුණු 48ක් රැස්කරගත් අතර Harry Dixon ලකුණු 42ක් රැස්කර ගත්තා.
Oliver Peake පන්දු 43කදී ලකුණු 46ක් රැස්කරගත් අතර ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2ක් ඇතුළත් වුණා.
ලකුණු 254ක ඉලක්කයක් හඹා යමින් පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 43යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 174ක් පමණි.
ඉන්දීය කණ්ඩායමේ Adarsh Singh ලකුණු 47ක් සහ Murugan Abhishek ලකුණු 42ක් රැස් කර ගනු ලැබුවා.
ඒ අනුව ඔස්ට්‍රලියාව විසින් 2023 පිරිමි ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී සහ 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ යන දෙකෙහිම ඉන්දියාව පරාජයට පත් කරමින් කුසලානය තමා සතු කර ගැනීමට සමත් වුණා.


