2023 වසරේදී එළවළු හා පළතුරු ආනයනය සඳහා රුපියල් කෝටි 13,000කට ආසන්න ප්‍රමාණයක් වැය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව එළවළු ආනයනය සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 11,658ක් ලෙසයි දැක්වෙන්නේ.
එමෙන්ම පළතුරු ආනයනය සඳහා රුපියල් කෝටි 1,308ක මුදලක් වැය කර ඇති අතර සීනි සහ රස කැවිලි වර්ග ආනයනයට වැය කර ඇති මුදල් රුපියල් කෝටි 14,255ක් වනවා.
2023 වසරේ වැඩිම ආනයනය වියදම දරා ඇත්තේ පිරිපහදු කළ ඉන්ධන සහ බොරතෙල් ආනයනය සඳහා වන අතර එය රුපියල් කෝටි 153,000කට අධික වනවා.
මේ අතර වෛද්‍ය සහ ඖෂධ වර්ග ආනයනය සඳහා රුපියල් කෝටි 21,778ක මුදලක් වැය කර තිබෙනවා.

