පොහොට්ටුවේ අපේක්ෂකයා මැතිවරණය ලං වෙලා එලියට බහින ලකුණු

බොහෝ දේශපාලන පක්ෂ ජනාධිපති අපේක්ෂකයා දැනටමත් නම් කර ඇතත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සිය අපේක්ෂකයා ජනාධිපතිවරණය පවත්වන දිනයට ආසන්න දිනවලදී නම් කිරීමට තීරණය කර තිබෙනවා.

ජනාධිපති අපේක්ෂකයා කල් තියා නම් කර මැතිවරණ වැඩපිළිවෙල ආරම්භ කළහොත් එම වැඩපිළිවෙළ ගෙනයාමට විශාල මුදලක් වැය වන බව පෙනී ගොස් ඇති බවයි පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේ.

එලෙස කටයුතු කිරීමට වෙනත් පක්ෂවලට මෙන් තම පක්ෂයට මුදල් නැතිවීම හේතුවෙන් මෙම පියවර ගන්න බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පක්ෂයට යෝජනා ගණනාවක් දැනටමත් ලැබී ඇතැයි ද, එම යෝජනා සම්බන්ධයෙන් මේ දිනවල සලකා බලාගෙන යන බවද ප්‍රකාශ බවද පැවසුවා.