මෙවර මහ කන්නයෙන් ඉහළ අස්වැන්නක්

මෙවර මහ කන්නය තුළ වගා කළ කුඹුරු සියල්ලෙන්ගෙන්ම පාහේ ඉහළ අස්වැන්නක් අපේක්ෂා කළ හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය මගින් දිවයින පුරා සිදුකළ පර්යේෂණවලින් ඉතාමත් සාර්ථක වී අස්වැන්නක් ලබා ගත හැකි බවයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ වනවිට අස්වැන්න නෙලමින් පවතින අතර පසුගිය මාස කිහිපය තුළ පැවැති වර්ෂාව සහිත කාලගුණය කුඹුරු වී වගාව සාර්ථක වීමට බෙහෙවින් බලපා තිබුණා.

එසේම වර්ෂාව නිසා ඇති වූ ගංවතුරෙන් හානියට පත් කුඹුරු අක්කර ලක්ෂයක් පමණ ද නැවතත් වගා කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.