අද ලෝක Latte දවස. ඉතින් අද අපි හිතුවා ලේසියෙන්ම ගෙදරදීම හදා ගන්න පුළුවන් Mocha Latte recipe එකක් ඔයාලට අරන් එන්න. මේක චෝක්ලට් සහ කෝපී දෙකම එකතු වුණු drink එකක්.
මේකේ විශේෂත්වය තමයි හරිම ලේසියෙන් මේක හදා ගන්න පුළුවන් වගේම හරිම රසයි මේක.
අපේ මේ Mocha Latte එක හදන්න ඕනි දේවල් තමයි පහලින් දක්වලා තියෙන්නේ. මේ දක්වලා තියෙන ප්‍රමාණයන් ඔයාට ඕනි නම් ඔයා කැමති රස ප්‍රමාණ අනුවත් ටිකක් වෙනස් කර ගන්න පුළුවන්.
-
– කෝපි කුඩු මේස හැඳි 2 ක් ( ඕනෑම වර්ගයේ කෝපි මේකට භාවිතා කරන්න පුළුවන්)
– Cocoa powder මේස හැඳි 1ක්
– සීනි මේස හැඳි 1ක් `
– කිරි කෝප්ප 1/4ක් (ඔයා කිරි පිටි ගන්නවා නම් පිටි දිය කරලා කිරි කෝප්ප 1/4ක් වෙන්න හදා ගන්න)
– වතුර ටිකක්
දැන් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා.
1. ඉස්සෙල්ලාම කෝපි කුඩු, චොක්ලට් සහ සීනි එකතු කරලා හොඳින් මිශ්‍ර කර ගන්න.
2. ඊට පස්සේ වතුර ටිකක් දාල හොඳට එක වතුරේ දිය කර ගෙන උකු මිශ්‍රණයක් හදා ගන්න. ගොඩක් වතුර දාන්න යන්න එපා. යන්තමට ඔක්කොම දිය වෙන ගානට හදා ගන්න.
3. කිරි ටික රත් කරලා අරගෙන milk frother එකක් ආධාරයෙන් හෝ whisk එකකින් හොඳට උකු කර ගන්න. කිරි රත් කරනකොට නටනකම් ඉන්න එපා යන්තම් රත් කර ගන්න. ඔයා කිරි පිටි ගන්නවා නම් ආයේ රත් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ.
4. දැන් අපි අර කලින් හදා ගත්ත coffee සහ cocoa powder මිශ්‍රණය mug එකකට දාලා මේ උකු කිරි ටික ලස්සනට ඒකෙ උඩින් දා ගන්න.
ඔන්න ඔයාගේ රසම රස Mocha Latte එක ready, මේකේ උඩින් ඔයාට ලස්සනට whipped cream එහෙමත් නැත්නම් කොකෝවා කුඩු හෝ චොක්ලට් කෑලි වුනත් තියලා සරසා ගන්න පුළුවන්.
ඒ වගේම තමයි ඔයා vegetarian කෙනෙක් නම් oat milk, almond milk වගේ කිරි දාලත් මේක හදන්න පුළුවන්.
ඔයාට Iced Mocha Latte එකක් හදා ගන්න ඕනි නම් කරන්න තියෙන්නේ 3 වෙනි පියවරේ තියෙන කිරි රත් කරන එක skip කරන්න විතරයි. කිරි රත් කරනවා වෙනුවට සීතල කිරි අර කලින් කිව්වා වගේම milk frother එකකින් හෝ whisk එකකින් ඔයාට උකු කරලා කෝපි එකට එකතු කරන්න පුළුවන්.
එහෙනම් ආයෙමත් දවසක මේ වගේ රසම රස recipe එකක් අරන් එනකම් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඕනි!


