මියන්මාරයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් සියලුම තරුණ තරුණියන් සඳහා හමුදා සේවය අනිවාර්ය කිරීමට එරට හමුදා රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව වයස අවුරුදු 18-35 අතර සියලුම පිරිමින් සහ අවුරුදු 18-27 අතර කාන්තාවන් අවම වශයෙන් වසර දෙකක් හමුදා සේවයේ යෙදී සිටිය යුතු වනවා.
ඊට අදාළ අතුරු ව්‍යවස්ථා, ක්‍රියා පටිපාටි සහ උපදෙස් ඉදිරියේ දී හමුදා ආරක්ෂක අමාත්‍යංශය හරහා නිකුත් කරන බවයි මියන්මාර පාලන ජුන්ටාව සඳහන් කර ඇත්තේ.
පසුගිය මාස කිහිපය තුළ දී මියන්මාරය තුළ වූ සටන්කරුවන් සමඟ සිදු කරන ලද සටන් රාශියකින්ම මියන්මාර හමුදාව විසින් විශාල පරාජයන් අත් කර ගැනීම මෙම තීරණය සඳහා මුල් වී තිබෙනවා.

