හැඳුනුම්පතේ අවසන් අංකය උපයෝගි කර ගනිමින් නිවසින් බැහැරට යාමට ලබාදී ඇති අවසරය ඇදිරි නීතිය කි‍්‍රයාත්මක නොවන ප්‍රදේශවල ජනතාවට පමණක් වලංගු බව පොලීසිය අවධාරණය කර සිටිනවා. ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළේ නිවසින් බැහැරට යන පුද්ගලයින්ගේ සංඛ්‍යාව සීමා කිරීම මෙහි අරමුණ බවයි.
නව ක්‍රමවේදය යටතේ එක් දිනකදී නිවසින් බැහැරට යාමට අවසර හිමිවන්නේ සමස්ත ජනතාවගෙන් පහෙන් එකකට පමණක් වන අතර කිසිවෙකුට හෝ නිවසින් බැහැරව යා යුත්තේ ආහාර සහ ඖෂධ වැනි අත්‍යාවශ්‍ය දෑ මිලට ගැනීමට පමණක් බවත්, ඒ සඳහාද පා ගමනින් යා හැකි ආසන්නම වෙළද සැල පමණක් තෝරා ගතයුතු බවත් අවධාරනය කෙරුණා.
මෙම නව ක්‍රමවේදය අනුව ජාතික හැදුනුම්පතේ අවසාන අංකය 1 හෝ 2 වන පුද්ගලයින්ට සඳුදා දිනයේදී පමණක් නිවසින් බැහැරව යාමට අවසර හිමි වනවා.
අගහරුවාද දිනයේදී නිවසින් බැහැරව යාමට අවසර හිමි වන්නේ ජාතික හැදුනුම්පතේ අවසාන අංකය 3 හෝ 4 වන පුද්ගලයින්ට පමණයි.
ජාතික හැදුනුම්පතේ අවසාන අංකය 5 හෝ 6 වන පුද්ගලයින්ට බදාදා දිනයේදී පමණක් නිවසින් බැහැරට යාමට අවසර හිමි වනවා.
ජාතික හැදුනුම්පතේ අවසාන අංකය 7 හෝ 8 වන පුද්ගලයින්ට බ්‍රහස්පතින්දා දිනයේදී පමණක් නිවසින් බැහැරට යාමට අවසර හිමිවන අතර සිකුරාදා දිනයේදී නිවසින් බැහැරව යාමට අවසර හිමි වන්නේ ජාතික හැදුනුම්පතේ අවසාන අංකය 9 හෝ 0 වන පුද්ගලයින්ට පමණයි.

