ධාවනයෙන් ඉවත්කර තිබූ බස් රථ 200ක් ප්‍රතිසංස්කරණය කර නැවත ධාවනයට එක් කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තු සංකීර්ණයට යාබද, ජපන් මිත්‍රත්ව පාර අසලදී සිදු වුණා.
ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ඇණිය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, දිවයින පුරා ලංගම ඩිපෝ 107ක, ප්‍රාදේශීය වැඩපොළවල් 11ක ඉංජිනේරුවන්, කාර්මික ශිල්පීන් එක්ව මෙම බස්රථ ප්‍රතිසංස්කරණය කර තිබෙනවා.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, චාමර සම්පත් දසනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ, ගුණතිලක රාජපක්ෂ, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු ලලිත් ද අල්විස්, ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක, ලංගම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන් ඇතුළු නිලධාරීන් එක්ව සිටියහ.

