ගතවු පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම් වලින් සැකකරුවන් 705ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 553ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 152ක් මේ අතර වන බවයි මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 553 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 03ක් පුනරුත්තාපනය සදහා යොමු කර තිබෙනවා.
එසේම මෙම මෙහෙයුමේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 05ක්ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
අපරාධ අංශවෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 152 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 27ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 122ක්ද සිටින බවයි වාර්තා වෙන්නේ.
අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 03ක්ද මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහත පරිදි වේ.
හෙරොයින් 143g 600mg
අයිස් 134g 578mg
ගංජා 2kg 888g
මාවා 3kg 339g
මදන මෝදක 928g
මත්පෙති 255

