පෙබරවාරියේ මුල් දින 04 තුළ පමණක් සංචාරකයන් 28,000ක්

පෙබරවාරි 1 දා සිට පෙබරවාරි 4 දක්වා කාලය තුළ පමණක් සංචාරකයින් 28,493 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) පවසනවා.

ඒ අතරින් රුසියාව සහ ඉන්දියාවෙන් පැමිණ ඇති සංචාරක ප්‍රතිශතය 30%ක අගයක් ගන්නා බවයි එම අධිකාරිය සඳහන් කරන්නේ.

එමෙන් ම 2024 ජනවාරි 1දා සිට පෙබරවාරි 4 දක්වා සංචාරක පැමිණීම් සංඛ්‍යාව 236,746ක් ලෙසින් වාර්තා වෙනවා.