අද දිනයේ පැවැත්වෙන පකිස්තාන පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් එරට අන්තර්ජාල සහ ජංගම දුරකථන සේවා වසා දැමීමට පාකිස්තානය පියවර ගෙන තිබෙනවා.
ඡන්ද විමසීම හරහා ඇති විය හැකි අනපේක්ෂිත කැලඹිලි තත්ත්වයන් සඳහා පෙර සූදානමක් ලෙස මෙම පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍යය වාර්තා කරන්නේ.
මේ වන විට එරට ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කර ඇති අතර එරට වේලාවෙන් පස්වරු 05 දක්වා ඡන්දය ප්‍රකාශ කළ හැකි වනවා.
මිලියන 128 ක ජනතාවක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි වී ඇති අතර, ඔවුන්ගෙන් අඩක් පමණ වයස අවුරුදු 35 ට අඩු අය වන බවයි සඳහන් වෙන්නේ.
මෙවර මැතිවරණයේ අපේක්ෂකයින් 5,000 කට වැඩි ප්‍රමාණයක් ආසන 336 ක් සඳහා තරඟ වදිනු ලබනවා.

