අද පෙබරවාරි අටවෙනිදා, බ්‍රහස්පතින්දා

හිරු නැගීම – 06:27
හිරු මුදුන් වීම – 12:23
හිරු බැසීම – 18:19

අද පෙබරවාරි අටවෙනිදා, බ්‍රහස්පතින්දා දවසක්. සතිය දැන් හෙමිහිට ගෙවිලා ගිවිලා ඔන්න සති අන්තයත් දන්නෙම නැතුව ලගටම ඇවිල්ල නේද..

අද දවස කියන්නෙත් විශේෂතා ගොඩක් තියෙන දවසක් කිව්වොත් වැරදි නැහැ.. ඊයෙන් valentines week එක පටන් ගත්තනේ. ඔන්න අද ඒකෙ දෙවෙනි දවස, propose day එක.. ඉතින් ඔයා කාලෙක ඉදන් කෙනෙක් ට ආදරේ ප්‍රකාශ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් ඔයාට පුළුවන් අද එයාට ඔයාගේ හිතේ තියෙන දේවල් කියන්න.

හැබැයි මතක තියා ගන්න අපි ආදරේ කරන මිනිස්සු ආයේ පෙරලා අපිටම ආදරේ කරන්න ඕනි කියලා නීතියක් නැහැ. අපි කෙනෙක්ට සාගරයක් තරමට ආදරේ වුණත් ඒ කෙනා අපිට පුංචි වැහි බින්දුවක් තරම්වත් ආදරේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා ඔයාගේ හිතේ තියෙන ආදරේ ප්‍රකාශ කරලා එයත් ඒ වගේම ඔයාට ආදරේ කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. එයාගේ තීරණය මොකක් වුණත් ඔයා ඒ තීරණයට ගරු කරන්න පුරුදු වෙන්න. මොකද ආදරේ කියන්නේ ලබා ගැනීමම විතරක් නෙමෙයි. ඒ නිසා කාගේවත් හිතේ ඉඩක් බලෙන් ගන්න යන්න එපා.

ආදරේ දී විතරක් නෙමෙයි ජීවිතේ හැම තැනකදීම ඒ දේ මතක තියා ගන්න.. එතකොට අපිට ජීවත් වෙන්න ලේසීයි.

අද දවසේ තියෙන තවත් විශේෂත්වයක් තමයි අද පිරිමි බාලදක්ෂ සංවත්සර දිනය. ඒ කියන්නේ 1910 වසරේ අද වගේ දවසක තමයි පිරිමි බාලදක්ෂ සංගමය පිහිටුවලා තියෙන්නේ.

ඒ වගේම අද හිනා වෙන්න වෙන් කරලා තියෙන දවසක්.. ජීවිතේ මොන දේ තිබුණත් අපිට තියෙන්න ඕනි සතුට, හිනාව. ඔයාට ජීවිතේ දහසකුත් ප්‍රශ්න තියෙනවා වෙන්න පුළුවන්. ඒ වුණත් ඒ ප්‍රශ්න ගැන හැමවෙලේම හිතන්නේ නැතුව හිනා වෙලා ඉන්න. මොකද හිනා වෙන එකෙන් නොදැනුවත්වම අපේ ශරීරයේ සතුට ඇති කරන serotonin වගේ හෝර්මෝන ශ්‍රාවය වෙනවා. ඒකෙන් අපිට වඩාත් ප්‍රීතිමත් මානසික තත්ත්වයක් උදා කරලා දෙනවා වගේම අපේ තියෙන වැඩ කටයුතු සාර්ථකව කර ගෙන යන්නත් උපකාරී වෙනවා. ඒ නිසා හිනා වෙලා ඉමු..

අද තියෙන තවත් විශේෂත්වයක් තමයි අද Opera Day කියන්නේ. Opera කියන සංකල්පය ලංකාවේ එතරම් ජනප්‍රිය දෙයක් වුණේ නැති වුණාට අනෙක් රටවල නම් මේ Opera සංගීතයට විශේෂ තැනක් දීලා තියෙනවා. Opera කියන්නේ මොකක්ද කියලා idea එකක් නැත්නම් අර කාටුන් වල එහෙම ගෑනු කෙනෙක් කෑ ගහලා සින්දු කියනකොට ජනෙල වීදුරු එහෙමත් බිඳිලා යන ජාතියේ ඒවා තමයි Opera කියන්නේ.. හිකිස්..

ඇත්තටම එතන වෙන්නේ Opera ගායිකාවගේ තියෙන සංඛ්‍යාතය සහ ඒ වීදුරු වන තියෙන සංඛ්‍යාතය සමාන වීමෙන් ඒවා අනුනාද වෙලා පිපිරිලා යෑමක්. ටිකක් විද්‍යාව පැත්තට බර දෙයක් ඒක. ඒ සංසිද්ධිය නිසාම තමයි ගොරවන්කොට එහෙම ගෙදර තියෙන ජනෙල එහෙම දෙදරන්නේ..

ඒ වගේම 1994 වසරේ අද වගේ දවසක තමයි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක කපිල් දේව් වැඩිම ටෙස්ට් ක්‍රිකට් කඩුලු (432) දවා ගත් ක්‍රීඩකයා ලෙස වාර්තාවක් පිහිටුවනු ලැබුවේ. ඉතින් ඒ තරඟය තිබිලා තියෙන්නේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර කොළඹ දී.

කොහොම වුණත් මේ වාර්තාව බටහිර ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක කර්ට්නි වොල්ෂ් කඩුලු 434ක් ලබා ගනිමින් 2000 වසරේ දී බිඳ දමා තිබෙනවා.

2002 වසරේ දී ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් විසින් සිය ක්‍රිකට් ජීවිතය තුළ පුරා කඩුලු 800ක් රැස්කරමින් ආයෙමත් මේ වාර්තාව අලුත් කිරීමට සමත් වුණා.

ඉතින් එහෙනම් අද ජයග්‍රාහි දවසක්.. ඔයාගේ දවසේ වැඩකටයුතු ටිකත් මේ විදිහටම සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.

ජය වේවා! තෙරුවන් සරණයි!