රුසියානු ප්‍රහාර හේතුවෙන් කියෙව් අගනුවර විදුලි සැපයුමට බාධා

මේ වන විට යුක්රේනයේ කියෙව් අගනුවර ඇතැම් ප්‍රදේශ වලට විදුලි සැපයුමට බාධා එල්ල වී ඇති බව Kyiv හි නගරාධිපති Vitali Klitschko පවසනවා.

ඒ යුක්රේනය නගර කිහිපයක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාර මාලාවක් හේතුවෙනි.

මෙම ප්‍රහාර හමුවේ පුද්ගලයන් තිදෙනෙක් පමණ ජීවිතක්ෂයට පත් වී ඇති බවයි යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy සඳහන් කරන්නේ.

එසේම Kyiv හි 10 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා

යුක්රේනයේ හමුදා ප්‍රධානී Valeriy Zaluzhnyi අවධාරණය කරන්නේ මෙම ප්‍රහාර මාලාව සඳහා රුසියානු හමුදා මිසයිල සහ ඩ්‍රෝන 64 ක් යොදා ගෙන ඇති බවයි.

ඉන් මිසයිල 29 ක් සහ ඩ්‍රෝන 15 ක් පමණ බිම හෙළීමට යුක්රේන හමුදා සමත් වී තිබෙනවා.