මෙරට පිළිකා රෝගීන්හට ප්‍රතිකාර කිරීම සදහා අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ලබා දීම සඳහා අද ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.
ඒ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදීයි.
මෙම අවස්ථාව වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල ඇතුළු අනුග්‍රාහක ආයතනයේ පිරිසක් සහභාගී වී තිබෙනවා.
මෙහි දී පළමු අදියර යටතේ ඖෂධ තොගය වර්ෂයකට ප්‍රමාණවත් වන තරමට ගෙන්වනු ඇති බවයි වාර්තා වෙන්නේ
ඇමරිකානු ඩොලර් මිලියනයකට අධික මෙම පිළිකා ඖෂධ, වර්ග 13කින් සමන්විත වෙනවා.
එසේම දෙවන අදියර යටතේ මෙරටට අවශ්‍ය වන තවත් ඖෂධ වර්ග තොගයක් ඉදිරි මාස කිහිපය තුළ දී ලබා දීමට එම ආයතනය සැලසුම් කර ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

