Tesla සමාගමෙන් රියදුරන්ට දැනුවත් කිරීමක්

සිය රියදුරන්ට Apple virtual Reality Headset පැළඳ රිය ධාවනය කිරීමෙන් වලකින ලෙස Tesla සමාගම විසින් දැනුම් දී තිබෙනවා.

ඒ virtual Reality Headset පැළඳ සිටින රියදුරන්ගේ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය තුළ ප්‍රචලිත වීමත් සමඟයි.

එක්සත් ජනපද ප්‍රවාහන ලේකම් පීට් බුටිගීග් X පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන්නේ දැනට වෙළඳපොලේ පවතින සියලුම මෝටර් රථ වල රියදුරු සක්‍රියව එහි පාලන කටයුතු සිදු කළ යුතු බවයි.

Apple හි user guide එකෙහි ද එය පැළඳ රිය ධාවනය කිරීමේ අනතුරුදායක බව පෙන්වා දී තිබෙනවා.

Apple Vision Pro හෙඩ්සෙට් එක ඩොලර් 3,499ක් වැනි මුදලකට (£2,749) පසුගිය පෙබරවාරි 2 වැනිදා සිට එක්සත් ජනපදයේ අලෙවි කරනු ලබනවා.

එහි සමහර models වල ඇති වීදුරුව හරහා තරමක් විනිවිද දැකිය හැකි වුවද, එය එතරම් පැහැදිලි නොවන නිසා ඒ කිසිවක් රිය ධාවනයේ දී පැළඳ සිටීම අනතුරුදායක වනවා.