බ්‍රිතාන්‍ය ආධුනික ඡායාරූප ශිල්පිනී නීමා සරිඛානි (Nima Sarikhani) විසින් ලබා ගත් අයිස් කන්දක් මත නිදා ගැනීමට පාවී යන හිම වලසෙකුගේ ඡායාරූපය වසරේ වනජීවී ඡායාරූපය සඳහා වූ ජනතා සම්මානය හිමි කර ගෙන තිබෙනවා.
එම ඡායාරූපය ගෝලීය උණුසුම හේතුවෙන් හිම වලසුන්ගේ වාසස්ථාන අහිමි වී යාම මනාව නිරූපනය කරනවා.
නෝර්වේ ස්වල්බාර්ඩ් දූපත් සමූහයට ඔබ්බෙන් වූ ප්‍රදේශයේ දී සරිඛානි ගේ කැමරාවට මේ දර්ශනය හමු වී තිබෙනවා.
ලොව පුරා සිටින වනජීවී ඡායාරූප ශිල්පින් 25 දෙනෙක් අවසන් වටයට තේරී පත් වී තිබෙන බවයි සඳහන් වෙන්නේ.
Nima Sarikhani ගේ එම සම්මානනීය ඡායරූපය පහතින්,


