චිලී රාජ්‍යයේ හිටපු ජනපති ජීවිතක්ෂයට

චිලී රාජ්‍යයේ හිටපු ජනාධිපති සෙබස්තියන් පිනේරා හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් චිලී ජාතික ආපදා වැලැක්වීමේ ප්‍රතිචාර සේවය පවසන්නේ දකුණු චිලියේ ග්‍රාමීය නගරයක් වන ලාගෝ රැන්කෝ ප්‍රදේශයට ජනාධිපතිවරයා ගමන් ගත් හෙලිකොප්ටරය කඩා වැටි ඇති බවයි.

ඔහුගේ හදිසි අභාවය හේතුවෙන් වත්මන් ජනාධිපති ගේබ්‍රියෙල් බෝරික් විසින් දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර අවමංගල්‍ය උත්සවය සියලු ගෞරව සහිතව ලබන සිකුරාදා සිදු කිරීමට නියමිතයි.

මෙම අනතුරින් හෙලිකොප්ටරයේ ගමන් ගත් තවත් පුද්ගලයන් තිදෙනෙක් තුවාල ලබා තිබෙනවා.

පිනේරා දෙවරක් චිලී රාජ්‍යයේ ජනාධිපති ධුරයේ කටයුතු කරනු ලැබුවා.