රත්නපුර නගරයේ විදුලිය විසන්ධි කරයි

රුපියල් ලක්‍ෂ තිස් අටක විදුලි බිලක් නොගෙවීම නිසා මේ වනවිට රත්නපුර මහ නගර සභා බලසීමාවේ මාර්ග ඇතුලු පොදු විදුලිපහන් වලට සපයන විදුලිය විසන්ධි කර ඇතැයි වාර්තා වෙනවා.

නගරයේ ප්‍රධාන වීදි මෙන්ම නගර සභා බල සීමාවේ අතුරු පාරවල් වලද වීදි පහන් නොදැල්වෙන නිසා ව්‍යපාරික ආයතන වල නාමපුවරු සහ ව්‍යපාරික ස්ථාන සහ නිවෙස් වලින් දැල්වෙන විදුලි පහන් වලින් පමණක් නගරයට ආලෝකය ලැබෙන බවයි නගරවාසීන් සඳහන් කරන්නේ.

පසුගියදා පැවති රත්නපුර දිස්ත්‍රික් සම්බන්‍ධීකරණ කමිටු රැස්වීමේ දී නාගරික කොමසාරිස්වරයා විසින් ද මේ බව දැනුම් දී තිබෙනවා.

එහිදී කමිටුවේ සම සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිළ එල්ලාවල පැවසුවේ පළාත් පාලන ආයතන වලට ආදායම් ලැබෙන්නේ බදු ආදායමෙන් වන අතර මෙලෙස ඉහළ විදුලි බිලක් ගෙවීමට පළාත් පාලන ආයතන වලට හැකියාවක් නොමැති බවයි.