අද පෙබරවාරි හත්වැනිදා, බදාදා

හිරු නැගීම – 06:27
හිරු මුදුන් වීම – 12:23
හිරු බැසීම – 18:19

අද පෙබරවාරි හත්වැනි බදාදා දවස. අද සතියේ වැඩ කරන දවස් වල මැද දවස. මේ වෙනකොට ඔයා 2024 අවුරුද්දේ හය වෙනි සතියේ දවස දෙකක් වැඩ කරලා තියෙනව සහ තවත් දවස් දෙකක් හෝ තුනක් ඉස්සරහට වැඩ කරන්නත් තියෙනවා.

ඔයා දැන්මම මේ සතිය ගැන නිගමයකට එළඹිලා තියෙනවා නම් ඒක වහාම අයින් කර ගන්න.. මොකද මේ සතියේ තව දවස් ගොඩක් ඉතුරු වෙලා තියෙන නිසා ඔයාට පුළුවන් ඒ දවස් ටික ඇතුලත මේ සතියේ ඔයා බලාපොරොත්තු වුණු ඉලක්ක සම්පූර්ණ කරන සතියක් කර ගන්න. අන්තිම මොහොත වෙනකම් කිසිම දෙයක් අත අරින්න එපා.. අල්ලගෙන ඉන්න..

ඉතින් අද දවස ආදරේ කරන අයට නම් විශේෂ දවසක්. මොකද අදින් valentines week එක පටන් ගන්නවා. පෙබරවාරි 14 වෙනිදා නේ valentines day එක වෙන්නේ. ඉතින් අද දවස නම් කරලා තියෙන්නේ rose day එක විදිහට.

ඔන්න ඔයාට අද දවස සමරන්න ඔයා ආදරේ කරන කෙනාට හරි ඔයාගේ ජීවිතේ ඉන්න විශේෂ අයට හරි රෝස මලක් දෙන්න ඔයාට පුළුවන්. දැන් නම් එක එක රෝස මල් වල පාටට එක එක අර්ථ දීලා තියෙනවා. උදාහරණයක් විදිහට රතු රෝස ප්‍රේමයේ සංකේතය විදිහටත්, කහ රෝස මිත්‍රත්වයේ සංකේතය විදිහටත් හඳුන්වනවා.

ඉතින් ඔයාට පුළුවන් අද ආදරේ කරන කෙනාට රතු රෝස මලක් සහ ඔයාගේ හොඳම යාලුවට කහ රෝස මලක් දෙන්නත්.. හිකිස්…

හැබැයි ඉතින් මේ කාලේ පාට පාට රෝස මල් නම් ටිකක් හොයා ගන්න අමාරුයි.. කොහොම වුණත් ඔයාට රෝස මලක් හොයා ගන්න බැරි නම් ඔයාට පුළුවන් වෙන මොනවා හරි මලක් වුණත් අද ඔයා ආදරේ කරන කෙනාට දෙන්න.. විශේෂයෙන් එයා කැමති වර්ගයේ මලක් එහෙම.. මොකද සමහර අය ඉන්නවා නේ රෝස වලට වඩා වෙන මල් වලට ආස.

වැදගත් වෙන්නේ ඔයා දෙන්නේ මොන මල ද කියන දේ නෙමෙයි… ඔයා එයාට ආදරෙන් මලක් දෙනවා කියන එකයි.. ඒ නිසා මල මොනවද කියලා හිතන්නේ නැතුව එයා ආස මලක් ආදරෙන් දෙන්න..

ඒ වගේම ඔයා long distance relationship එකක නම් ඉන්නේ ඔයාට පුළුවන් රෝස මලක ෆොටෝ එකක් එක්ක මේ මල ඔයාට කියලා එයාට යවන්න… එහෙමත් නැත්නම් මලයි ඔයයි දෙන්නම ඉන්න ෆොටෝ එකක මේ මල් දෙකම ඔයාට කියලා යවන්නත් පුළුවන්.. ඔයා ඉන්නේ long distance relationship එකක කියලා දුක් වෙන්නේ නැතුව ඒ වගේ ලස්සන creative දේවල් ඔයාට පුළුවන් එයාට යවන්න. ඒකෙන් අනෙක් අය වගේම ඒ දවස් සමරන්න ඔයාට පුළුවන් වෙනවා වගේම දෙන්නා අතර ආදරෙත් වැඩි වෙනවා.

දෙන්නගේ සම්බන්ධය එහෙම ගෙදර අය දන්නවා නම් ඔයාට online මල් එකක් වුණත් ඔයාට එයාගේ ගෙදරටම යවන්න පුළුවන්.

ඒ නිසා ඔය දෙන්නා අතර තියෙන දුර සතුටු වෙන්න ගැටළුවක් කර ගන්න එපා. දෙන්නාගේ හිත් ලඟයි නම් ඒ දෙන්නට පුළුවන් ගොඩක් ලස්සන දේවල් එකතු වෙලා කරන්න..

අද දවසේ සිද්ධ වුණු දේවල් ගත්තොත් 1992 අවුරුද්දේ අද වගේ දවසක තමයි යුරෝපා සංගමය නිල වශයෙන් පිහිටුවමින් Maastricht ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ. එයාලා euro නැත්නම් යුරෝ කියන පොදු මුදල් ඒකකයක් භාවිතා කිරීමේ එකඟතාවයකටත් මෙහි දී එළඹිලා තියෙනවා. මේ ගිවිසුම බලාත්මක කරලා තියෙන්නේ 1993 නොවැම්බර් 01 දවසක.

බෙල්ජියම, ඩෙන්මාකය, ප්‍රංශය, ජර්මනිය, ග්‍රීසිය, අයර්ලන්තය, ඉතාලිය, ලක්සම්බර්ග්, නෙදර්ලන්තය, පෘතුගාලය, ස්පාඤ්ඤය සහ එක්සත් රාජධානිය යන රටවල් තමයි මේ ගිවිසුමට අත්සන් කරලා තියෙන්නේ.

මේ අතර අද ප්‍රසිද්ධ කතුවරයෙක් වන Charles Dickens උපන්දිනයත් යෙදිලා තියෙනවා. ඔහු 1812 එංගලන්තයේ උපත ලබා තිබෙනවා. එතකොට Charles Dickens ට අදට වයස අවුරුදු 212ක් වෙනවා.ඔහු ලියූ ජනප්‍රියම පොතක් තමයි Oliver Twist කියන්නේ. ඔහු The Pickwick Papers, David Copperfield, A Tale of Two Cities, A Christmas Carol ඇතුළුව පොත් 15ක් ලියලා තියෙනවා. ඔහුගේ විශේෂත්වය තමයි ඔහු මේ ලිව්ව නවකතා ගොඩක් ඒවා series වශයෙන් එහෙමත් නැත්නම් කොටස් වශයෙන් සතිපතා හෝ මාස්පතා පළ කිරීම..

එතකොට එයාගේ පාඨකයන්ට එක කොටසක් කියවලා සතියක් හෝ මාසයක් ම බලන් ඉන්න වෙනවා කතාවේ ඉතුරු ටික දැන ගන්න නම්… ගොඩක් වෙලාවට එයාගේ පොත් අධ්‍යාපනය, සමාජයේ ප්‍රශ්න, ළමා අයිතිවාසිකම් වැනි මාතෘකා වලින් බහුලයි.

ඉතින් එහෙනම් අද දවස ලස්සන දවසක් වේවා කියලා අපි ප්‍රර්ථනා කරනවා. ඔයාල ඔයාලගේ ආදරේ ට තවත් ලංවෙන, ආදරේ සතුට ඉතිරෙන දවසක් වේවා!

තෙරුවන් සරණයි!