මීට සති දෙකකට පෙර ජපාන රූ රැජින ලෙස කිරුළ දිනූ යුක්රේන සම්භවයක් සහිත කැරොලිනා ශීනෝ නම් තරුණියට සිය කිරුළ නැවත භාර දීමට සිදු වී තිබෙනවා.
ඒ විවාහක පුද්ගලයෙක් සමග අනියම් සම්බන්ධතාවයක් ඇති බවට හෙළිවීමත් සමගයි.
ඇයගේ අනියම් සම්බන්ධතාවය ගැන ජපානයේ Shukan Bunshun නම් ටැබ්ලොයිඩ් පුවත්පතක් වාර්තා කර තිබුණු අතර එයට පිළිතුරු දෙමින් ඇය කියා සිටියේ තමන් ඒ පුද්ගලයා විවාහක බව නොදන්නා බවයි.
කෙසේවෙතත් වැඩිදුරටත් සිදු කරන ලද විමර්ශන හමුවේ හෙළි වී ඇත්තේ ඇය විසින් එම පුද්ගලයා විවාහක බව සහ ඔහුගේ පවුලේ තොරතුරු සියල්ල දැන සිට ඇති බවයි.
ජපාන රූ රැජින සංගමය සඳහන් කරන්නේ එහි අනුශුරයන් කිහිපදෙනෙක් සිටිය ද 2024 වසර සඳහා ජපාන රූ රැජින තනතුර හිස්ව තැබීමට තීරණය කර ඇති බවයි.

