නව සඳ දර්ශණය නොවීම හේතුවෙන් රාමසාන් උපවාස සමය හෙට (25)වනදා සිට ආරම්භ කෙරෙන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කළා.
මේ අතර රාමදාන් උපවාස සමයේදී නිවසේ සිට යාඥාවල නිරත වන්නැයි සෞදි අරාබියේ ඉහළම ආගමික කවුන්සිලය ලොවපුරා මුස්ලිම් බැතුමන්ගෙන් ඉල්ලා තිබුණා.
එම කවුන්සිලය මුස්ලිම් බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියේ කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලොව රටවල් විවිධ පියවර ගෙන ඇති බැවින් ඒ ඒ රටවල ආණ්ඩු හා පාලනාධිකාරීන් ගන්නා ක්‍රියාමාර්ගවලට අනුව කටයුතු කරන ලෙසයි.

