ඒ සමග මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 373 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වැලිසර නාවික හමුදා කඳවුරෙන් කොරෝනා අසාදනය වූ 28 දෙනෙකු ඊයේ සොයා ගැනිණි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ සංඛ්‍යා ලේඛනවලට අනුව ඊයේ ආසාදිතයින් 38 දෙනෙකු වාර්තා විය.
මේ අතර කොරෝනා බවට සැකපිට රෝගීන් 254 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කොරෝනා අසාදනය වූ රෝගීන් 107 දෙනෙකු සුවය ලබා ඇති අතර මෙරට මිය ගිය රෝගීන් ගණන 7කි.

