රුසියාව විසින් අල්ලා ගෙන ඇති ප්‍රදේශයට යුක්රේන ප්‍රහාරයක්

රුසියාව විසින් අත්පත් කරගෙන සිටින නැගෙනහිර යුක්රේනයේ Lysychansk නගරයට යුක්රේන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

රුසියානු බලධාරීන් පැවසුවේ ප්‍රහාරයෙන් රුසියානු හමුදා භටයන්, කාන්තාවන් සහ දරුවන් ද ඇතුළුව පුද්ගලයන් 28දෙනෙකු මිය ගිය බවයි.

ඔවුන් පෙන්වා දෙන්නේ ඇමරිකාව ඇතුළු බටහිර රටවල් විසින් ලබා දුන් ආයුධ යොදා ගෙන මෙම ප්‍රහාරය දියත් කරන්නට ඇති බවයි.

2022 ජූලි මාසයේදී යුක්රේනයේ නැගෙනහිර ලුහාන්ස්ක් කලාපයේ පිහිටි Lysychansk නගරය රුසියාව විසින් අල්ලා ගනු ලැබුවා.