ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මොණරාගල බුදුරුවගල මහා විද්‍යාලයේ සිසු දරුවන්ට ලබා දුන් පොරොන්දුව ඉතා කෙටි කලක් තුළ ඉටු කරමින් වටිනා සංගීත භාණ්ඩ තොගයක් එම පාසල වෙත ලබන 09 වන දා ප්රදානය කිරීමට සැලසුම් කර තිබෙනවා.
පසුගිය නොවැම්බර් 03 වෙනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රැගත් හෙලිකොප්ටර් යානය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මොණරාගල බුදුරුවගල මහා විද්‍යාල ක්‍රීඩාංගනයට හදිසියේ ගොඩ බැස්ස වූ අවස්ථාවේදී පාසල් සිසුන් විසින් මෙම ඉල්ලීම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබුණා.
ඒ අනුව ඉතා කෙටි කාලයක් තුළ එම පොරොන්දුව ඉටු කරමින් ට්‍රම්පට්, ට්‍රොම්බෝන්, සැක්සෆෝන්, ක්ලැරිනට්, මවුන්ටබල් ටැම්බරින්, චයිමිස් කට්ටල, එකොස්ටික් ඩ්‍රම් ආදි සංගීත භාණ්ඩ රැසක් ප්රදානය කිරීමට සියළු කටයුතු සූදානම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශ වාර්තා කරනවා.
ජනාධිපති ප්‍රජා කටයුතු අධ්යක්ෂ ජනරාල් රජිත් කීර්ති තෙන්නකෝන්, කලාප අධ්‍යාපන අධ්යක්ෂ කේ. ජේ. සුසිල් විජේතිලක, කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂ එච්. ටී ධර්මසිරි , මොණරාගල බුදුරුවගල මහා විද්‍යාලයේ විදුහල්පති එච්. එම්. යූ. බී හේරත් යන මහත්වරු , ගුරු මණ්ඩලය සහ සිසු දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතයි.

