අද රාත්‍රී 8 සිට 27 වැනි සඳුදා අලුයම 5 දක්වා ඇදිරි නීතිය යලිත්

කොළඹ, ගම්පහ, කළුතර හා පුත්තලම දිස්ත්‍රික්කවලටත්, අලවතුගොඩ, වරකාපොළ හා අක්කරෙයිපත්තුව පොලිස් බල ප්‍රදේශවලත් හැර දිවයිනේ සෙසු සියලු ප්‍රදේශවල අද අලුයම 5 ට ලිහිල් කෙරුණු පොලිස් ඇඳිරි නීතිය යළි අද රාත්‍රී 8 ට පැනවීමට නියමිතය.

කෙසේ වෙතත් එම දිස්ත්‍රික්කවල සති අන්තයේ පොලිස් ඇදිරි නීතිය ලිහිල් කෙරෙන්නේ නැත.

ඒ අනුව අද රාත්‍රී 8 ට පැන‍වෙන පොලිස් ඇඳිරි නීතිය 27 වැනි සඳුදා අලුයම 5 දක්වා ක්‍රියාත්මක වනු ඇති.

පොලිස් ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් සංශෝධනය කරමින් ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයට අනුව කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පිවිසීම හෝ පිටවීම සියලුදෙනාට සම්පුර්ණයෙන් තහනම් ය.