ඔයාලත් ළමයි හදන එක පස්සට දානවද? එහෙනම් වැදගත් වෙයි

අපි හැමෝගෙම ජිවිතවල සැලසුමක් තියෙනවා. දෙන්නෙක් ආදරේ කරන්න පටන් ගත්ත දවසේ ඉඳන් ඒ දෙන්න ඒ දෙන්නගේ අනාගතේ සැලසුම් කරනවා, ඒ දෙන්න විවාහ වෙන්නේ කවදද, ළමයි හදන්නේ කවදද කියල.. ඉතින් සමහර අය නම් එයාලගේ රැකියාව, අධ්‍යාපනය තවත් ඉස්සරහට කර ගෙන යන්න ඕනි නිසා ඉක්මනින් විවාහ වුණත් ළමයි හදන එක නම් පස්සට දානව. ඔව් ඔව්… අපි අද කතා කරන්නේ ළමයි හදන එක කල් දාන එක ගැන… හිකිස්…

ළමයි හදන එක පස්සට දාන එක අද කාලේ ගොඩක් වෙන දෙයක් වුණත් මේකේ ඇත්තටම ටිකක් බරපතල කරුණු කිහිපයකුත් තියෙනව.

අපේ ශරීර ස්වාභාවිකවම හැදිලා තියෙන්නේ අපි ලිංගික වශයෙන් පරිණත වුණාම වර්ගයා බෝ කරන්න සුදුසු වෙන්න. ඉතින් ගැහැණු ළමයි නම් සාමාන්‍ය වයස අවුරුදු 10 සිට 13 සහ පිරිමි ළමයි වයස අවුරුදු 9 සිට 14 වගේ වෙනකොට එයාලගේ ලිංගික පරිණතිය ලගා කර ගන්නවා. තමන්ගේ ජීවන රටාව, පෝෂණය සහ ජාන කියන කරුණු මත මේ වයස් පරාසයන් එකිනෙකට වෙනස් වෙනවා.

ඒ කොහොම වුණත් දෙගොල්ලොගෙම අවුරුදු 20 සිට 35 අතර කාලය කියන්නේ ප්‍රජනක ඉන්ද්‍රියයන් හොඳින් වැඩ කරන කාලයක්. (ඒ වගේම කට්ටිය ඒවගෙන් හොදට වැඩ ගන්නත් කාලයක් තමයි…. හිකිස්…)

ගැහැණු ළමයෙක් ගේ නම් මුල් කාලයේ ඔසප් චක්‍රය ටිකක් එහෙ මෙහෙ වුණත් අවුරුදු 20 පහු වෙනකොට ඒවා හරියටම හැදෙනවා. ඒ කියන්නේ ස්වාභාව ධර්මය විසින් එයාගේ ශරීරය මවක් වෙන්න හැඩ ගස්සනවා. මේ කාලේ ශරීරය හොඳින් ශක්තිමත් නිසා ඇය දරු ගැබක් දරන්න ඉතාම සුදුසු වෙනවා.

ඔයාල දන්නවා නේ ගැහැණු ළමයින්ගේ ඩිම්බ කෝෂ ඇතුළු බිත්තර එගෙමත් නැත්නම් eggs විශාල ප්‍රමාණයක් තියෙනව. ඒ වුණත් මේ eggs හැම එකක්ම එකම වගේ නැහැ, කිකිලියන්ගේ වුණත් කිකිළි මැද කාලේ දාන බිත්තර තමයි හොඳට පෘෂ්ටිමත්ව එන්නේ. ඒ නිසා ගැහැණු ලමයින්ගේත් එයාලගේ මෙන්න නේ 20 ඉදන් 35 වගේ කාලයේ දී පිට වෙන eggs සාපේක්ෂව සරු බැවින් වැඩි වෙනවා.

ඉතින් ඒ eggs සංසේචනය වීමේ සම්භාවිතාවය සහ, ඒවායින් නිරෝගිමත් දරු උපතක් ලැබීමේ සම්භාවිතාවය සාපේක්ෂව වැඩි වෙනවා. ඒ වගේම ඒ කාලේ ශරීරයේ දරුවාට අවශ්‍ය පෝෂක හොදින් තියෙන නිසා දරුවාට නිරෝගිව වැඩෙන්නත් පුළුවන්.

කාන්තාවක් වයස් ගත වීමත් සමඟ පිරිමි කෙනකේ ට සාපේක්ෂව ඉතාමත් වැඩි වෙනස්කම් ප්‍රමාණයක් ශරීරයේ සිදු වෙනවා. අර මං කලින් කිව්වා වගේ ටිකක් වයසට යනකොට පිටවෙන eggs වල ශක්තිමත්බව අඩු වෙනවා. හෝර්මෝන එහෙමත් ගොඩක් වෙනස්වීම් වලට භාජනය වෙන නිසා කාන්තාවක් වයස්ගත වෙලා දරුවෙක් හදනවා කියන එක තරමක සංකීර්ණයි. ඒ වගේම දරු ප්‍රසුතියත් ටිකක් සංකීර්ණ වෙනවා ඒ වගේ අවස්ථා වල දී.

පිරිමි කෙනෙක් සතුව නම් ජිවිත කාලෙම ශුක්‍රානු නිපදවීමේ හැකියාවක් තියෙන නිසා පිරිමි අයගේ ශුක්‍රානු වල එතරම් සරු බවේ වෙනසක් වෙන්නේ නැහැ අවුරුදු 55 වගේ යනකම්.

වයස 50 ක වගේ කාලයක දී දරු ගැබක් දැරීම කාන්තාවකට හානිදායක වීම සහ ඒ දරුවා නිරෝගිව බිහි වීමේ හැකියාව අවම වීම යන හේතු නිසා තමයි කාන්තාවක ගේ ඔසප් චක්‍රය අවුරුදු 45 දී ඉදන් වගේ නවතින්න බලන්නේ. ස්වාභාව ධර්මය විසින් ඉතාමත් ම ලස්සනට අපේ මේ ශරීර නිර්මාණය කරලා තියෙනවා නේද?

ඒ වගේම තමයි වයස සහ ලිංගික ආශාව සහ ඒවා කිරීමේ හැකියාව කියන දෙක එකිනෙකට ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා. සරලව කියනවා නම් වයසට යනකොට ළමයි හදන එක කොහේටවත් දාන්න හිතෙන්නේ නැති වෙනවා සහ ඒකට අවශ්‍ය වෙන ලිංගික ශක්තිය අඩු වෙලා යනවා.

ඒ නිසා ඔයත් විවාහ වෙලා ළමයි හදන එක කල් දාන්න හිතන් ඉන්න ජෝඩුවක් නම් හෝ පරක්කු වෙලා විවාහ වෙන්න හිතන් ඉන්න ගැහැණු ළමයෙක් නම් ඔයාට පුළුවන් ඔයාගේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙක් හම්බ වෙලා මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා ගන්න.

වෛද්‍යවරයාගේ උපදෙස් මත ඔයාලට පුළුවන් Egg Freezing වගේ දෙයකට යන්න. එකේ දී වෙන්නේ ඔයාගේ සරු බැවින් වැඩි eggs තෝරා ගෙන ඒවා අනාගතයේ දී IVF ආකාරයෙන් බබෙක් හදා ගන්න ගබඩා කරලා තියෙන එක. අවශ්‍ය නම් පිරිමි කෙනෙක් ගේ ශුක්‍රානු වුණත් මෙහෙම ගබඩා කරන්න පුළුවන්. ටිකක් වියදම් වැඩි දෙයක් හැබැයි මේක නම්.. ලංකාවේ වුණත් IVF සෙන්ටර් වලින් ඔයාට මේ පහසුකම ලබා ගන්න පුළුවන්.

ඒ වගේම අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වා ගන්නත් අනිවාර්යයෙන්ම ඔයාල අවශ්‍ය දේවල් කරන්න.. නැත්නම් ඉතින් ඔයාගේ plans ඔක්කොම වෙනස් කරන්න නේ වෙන්නේ.. හිකිස්…

මේ දෙවල් හොඳට මතක තියෙන ගෙන ළමයි හදන එක පස්සට දාන්න… ඔයා විවාහ වෙලා ඉන්න කෙනෙක් නම් දෙන්නත් එක්ක කතා වෙලා පොදු එකඟතාවයකට එන්න ඔයාලගේ ජිවිතේ ගැන..

එහෙනම් කොල්ලෝ අපි ගියා…