මහ කන්නයේ වී වගාවට රුපියල් බිලියන 9.6ක මුදලක්

මහ කන්නයේ දී වී වගාව සඳහා අවශ්‍ය පොහොර මිලදී ගැනීම ඇතුලු කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් ගොවීන්ට රුපියල් බිලියන 9.6ක මුදල් ලබාදී ඇති ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.

හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක බැගින් ගොවීන් මිලියන 1.2කට එම මුදල් ලබාදී ඇති බවයි දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එම වැඩසටහනේ ඊළඟ අදියරයක් ලෙස තවත් රුපියල් මිලියන 450ක් ගොවීන්ගේ ගිණුම්වලට අද බැර කිරීමට නියමිතයි.