කථානායකවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි ජන බලවේගය ඉදිරියේ දී කටයුතු කරන බව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරනවා.
ඒ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ගෙන ඒමේදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නිර්දේශ 09ක් නොසලකා හරිමින් කථානායකවරයා එයට සහතිකය ලබා තිබීම හේතුවෙනුයි.
විපක්ෂනායකවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ කතානායකවරයාගේ අනීතික ව්‍යවස්ථා විරෝධි වැඩපිළිවෙල හේතුවෙන් ඔහු සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නොමැති බවයි.
එසේම තමා දේශපාලනය කරන්නේ පවුල හෝ පවුලේ සාමාජිකයන් හෝ වෙන කවුරුන් හෝ රජකරවන්න නොව රටේ ජනතාව රජ කරවීමට බවත් එම නිසා පක්ෂයට ගත යුතු සහ නොගත යුතු පුද්ගලයන් සම්බන්ධයෙන් බලපෑම් නොකරන ලෙසත් විපක්ෂනායකවරයා අවධාරණය කරනු ලැබුවා.

