අදට යෙදෙන ශ්රී ලංකා නිදහස් දිනය නිමිත්තෙන් ඔන්න Google search engine එකේ තියෙන doodle එක ශ්රී ලංකා කොඩියෙන් හැඩ වෙලා තියෙනවා.
ඒ doodle එක උඩ click කලොත් නැත්නම් touch කළොත් Sri Lanka Independence Day 2024 කියලා page එකකුත් open වෙනවා.
එකේ අපේ ශ්රී ලංකාවට wish එකක් වගේම doodle එක ගැන පැහැදිලි කිරීමකුත් සටහන් කරලා තියෙනවා.
ඒ වගේම දකුණු පැත්තේ කෙලවරේ share icon එකක් සහ celebration icon එකකුත් තියෙනවා.
මේ celebration icon එක click කලොත් ශ්රී ලංකාවේ කොඩියේ තියෙන කහ රතු පාටින් මල් වෙඩි ඔයාට screen එකේ බලා ගන්න පුළුවන්.
ඒ මල් වෙඩි වලින් ශ්රී ලංකාවේ කොඩියකුත් හැදෙන විදිහට තමයි ඒ transition එක හදලා තියෙන්නේ.
page එකේ පහළට යනකොට ශ්රී ලංකාවේ නිදහස් දිනය සම්බන්ධයෙන් තියෙන web search results ත් පෙන්නවා.
ඉතින් ඔන්න ඔයාලත් අනිවාර්යයෙන් search කරලා බලන්නකෝ.


