ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බිබිගේ විවාහය ඉස්ලාම් විරෝධී සහ නීති විරෝධී බව අධිකරණය විසින් තීන්දු කර තිබෙනවා.
දේව විශ්වාසයෙන් ලෙඩ රෝග සුව කරන්නියක වන බුෂ්රා බිබි, 2018 වසරේ දී ඛාන් සමඟ විවාහ වී ඇති නමුත් මේ වන විට අධිකරණය විසින් එම විවාහය අවලංගු කර ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම නීති විරෝධී විවාහය සමබන්ධයෙන් එල්ල වන චෝදනාවට ද වැරදිකරු වූ ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ හට තවත් වසර හතක සිර දඬුවමක් සහ රුපියල් 500,000 ක දඩයක් ප්රකාශයට පත් කර තිබෙනවා.
බිබීගේ හිටපු සැමියා විසින් මෙම නීතිවිරෝධී විවාහයට එරෙහි පැමිණිල්ල ගොනු කර ඇත.
මුස්ලිම් නීතියට අනුව තම ස්වාමිපුරුෂයා මිය ගිය පසු හෝ දෙදෙනා දික්කසාද වූ පසු, එයින් මාස කිහිපයක් යනතුරු කාන්තාවන්ට නැවත විවාහ වීම තහනම් වනවා. කෙසේවෙතත් බිබී සහ ඛාන් එම කාල සීමාව ඉක්ම යාමට මත්තෙන් විවාහ වී තිබීම හේතුවෙනුයි මෙලෙස එම විවාහය නීති විරෝධී ලෙස තීන්දු කර ඇත්තේ.

