කොරෝනා ආසාදිතයින් 11 දෙනාම බේරුවල

අද(22) දිනයේ හඳුනාගත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 11 දෙනා බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මීට පෙර හඳුනා ගත් ආසාදිතයෙකුගේ ඥාතීන් වන මොවුන් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර සිටි පිරිසක් බව අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙම සංඛ්‍යාවත් සමඟ කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 56 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයට අමතරව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වන දිස්ත්‍රික්කය බවට පත්ව ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයයි.

මේ වන විට මෙරටින් හඳුනා ගෙන ඇති සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 321 ක් වෙයි