E. coli හි ST410 පරම්පරාවට අයත් නව ප්‍රභේදයක් හඳුනා ගෙන තිබෙනවා.
B5/H24RxC ලෙස නම් කර ඇති මෙම නව ප්‍රභේදය අවස්ථා දෙකක දී චීනයේ ළමා රෝහලකින් වාර්තා වී තිබෙනවා.
E. coli හි ST410 පරම්පරාව අනෙක් පරම්පරා වලට සාපේක්ෂව අඩු ආදානය වීමේ සම්භාවිතයක් පෙන්නුම් කළ ද, මෙම නව ප්‍රභේදය ඉහළ ආසාදනය වීමේ හැකියාවක් මෙන්ම ප්‍රතිජීවක සඳහා ඉහළ ප්‍රතිරෝධකතාවයක් ද පෙන්නුම් කරන බවයි පරීක්ෂණ වලින් හෙළි වී ඇත්තේ.
විද්‍යාඥයන් සඳහන් කරන්නේ B5/H24RxC ප්‍රභේදය බැක්ටීරියා වලට එරෙහිව භාවිතා කරන ප්‍රබල ප්‍රතිජීවක වර්ගයක් වන කාබපෙන්ම් වලට පවා ප්‍රතිරෝධී වන බවයි.
එසේම එය ඉතා වේගයෙන් ප්‍රජනනය කරමින් නව ජීවින් බිහි කරන අතර අනෙකුත් ප්‍රභේද වලට සාපේක්ෂව මිනිස් සෛලවලට වැඩි හානියක් ද සිදු කරනු ලබනවා.

